Friday, November 24, 2017

නෙළුම

අදත් ඇත මල් පිපී 
රත් නෙළුම් විල් තෙරේ .. 
සමනල්ලු පියඹ යති 
තුරුළු කර ආදරේ .. 

මල් සුවඳ හා මුසුව
ගතට දී සීතලේ
හමන මේ මඳ සුළඟෙ
නුඹෙ සුවඳ පා කෙරේ ..

Monday, May 20, 2013

.. සීතල වැස්සක් ..

වහිනවා .. 
සීතලම සීතල වැස්සක්  

නවතින්නෙම නෑ .. 

තුත්තිරි ගස්
ගං වතුරෙන් වැහිලා ගිහින් ..
එහෙන් මෙහෙන් පුංචි පුංචි
දිය පාරවල්
හැම තැනම ..

අකීකරු සිතුවිළි වගෙයි ..
ඇරඹුමක් .. අවසානයක් නෑ ..

සීතල වැස්සෙන්
නෙත ඉවතට ගත්තත්
හිත තාම එතනමයි ..

එකමත් එක දවසක
මේ වගේම සීතල වැස්සක
දඟ කර කර
ඔයත් එක්ක ගියපු හැටි
මතක් වෙලා ..

මගෙ හිත
වැහි වතුරත් එක්ක
සෙල්ලම් කරනවා ..

හීගඩු පිපෙන සීතල
මතක් කරලා දෙනවා
ආදරේ උණුසුම ..

ඔයාට තරම් ම නැති වුණාට
වැස්සටත් මං ආදරෙයි .

Sunday, May 19, 2013

... නුඹ ආයෙමත් ඇවිදින් ..



වසා සිටි නෙත් පියන් ඇරුණා .. 
සොඳුරු මතකෙක සුවඳ දැනුණා .. 
සවන්පතකට කොඳුරමින් සිත 
දෙදරුවාලූ ආත්මීගත 
හඬ කාගෙදැයි
යළිත් සිතුණා ..

මලක් දෙතොලින් සිඹින්නක් සේ
පරිස්සමකින් සිඹී දෙකොපුල්
සිතේ සරතැස නිවන්නා සේ
සිතට දැනුණා ..
නුඹ මගේ යැයි
මම නුඹේමයි
සිත් මලට හැඟුණා ..

කුණාටුවකට හසුවෙලා සිටි
අඳුරු හෝරා නිමයි මෙතෙකින්
නුඹේ දිවියම මගේ යැයි
සවනතට ඇසුණා ..
හද පුරා දිව්
සෙනෙහසේ තාලය
නුඹෙන් දැනුණා ..

නුඹ ආයෙමත් ඇවිදින්
සත් වසරකට පෙර
නුඹ හදේ ලිව් ගී
තනුව සොයමින් ..
නුඹ ආයෙමත් ඇවිදින් ...

Saturday, February 2, 2013

දවල් හීන ..



අවසන් අසුනේ කොනටම වී නුඹ
සරා සිහින මල් අතුරනවා
නුඹේ සිනහ මට නොවේය සිතමින්
අසුනින් අසුනට මම යනවා
තිරිංග පාරට ගැස්සෙන ඔය ළැම
මොකක්ද රහසක් පවසනවා
මා නෙත ඔබ හා යාවුණ විගසම
ඔබෙ නෙත් වෙනතක හරවනවා
නුඹෙ උණුසුම රැඳි විස්සෙ කොළය මම
පරිස්සමට අරගෙන තබලා
තිරිංග යෙදු රිය නතර කළේ ඇයි
පස්සෙ දොරින් බැලුවෙමි එබිලා
බස් නැවතුම ළඟ නැවතුණු බසයට
ගොඩවුණු නාඹර රුව දැකලා
විසල් වෙච්ච හැටි නුඹෙ ඔය ඇස් දෙක
තාමත් පෙනෙනවා මට මැවිලා
නුඹේ අසුන ළඟ තිබුණු ඉඩක ඔහු
වාඩි වුණ ගමන් තුරුල් වෙලා
ඔබෙ ඔය රතැඟිළි දෑතට සිරකර
රහසින් මොනවද පවසාලා
පැයක් තිස්සෙ මම මැවු ඒ හීනය
තත්පරයෙන් ඔහු බොඳ කරලා
ඊළඟ නැවතුමෙ නැවතුණු බසයෙන්
ඔහුත් ඔබත් දෙන්නම බැහලා ..
___________
ඒ .. ඈ බං උඹ හීන බලනවද
ටිකට් රෝලකුත් බදාගෙන ..
නැගිටහං ..
%*^)(*_$^)+_&*^(#$^*(
____________
හමගිය ඩෙනිමේ සාක්කුවෙන් ගත්
මාරු කාසි අත පුරවාලා
පා පුවරුව වෙත පා යොමු කළ මා
නැවතත් කටහඬ අවදි කලා ..
...........
ඔටුවො ඔටුවො .. පිටෝටුවො ..
ඔටුවො ... !!

Thursday, October 20, 2011

ආදරේ මේ වගෙයි ...


සුපෙම්වත් සඳවතිය 
හිරු එළිය  ලැබ දිලෙයි 
කාටවත් හිමි නැතිය 
ඇය අයිති අහසටයි 
ඇගෙ අහස නුඹ තමයි 
ඇගෙ සිහිනෙ නුඹ මැවෙයි 
ඇගේ පෙම අහස සේ අනන්තයි 
ආදරේ අනන්තයි.. 

සයුර මායිමෙ ඉඳන් 
ඈ නුඹට තනි රකියි 
නුඹ සයුර ඈ වෙරළ 
කිසි දිනෙක වෙන් නොවෙයි 
ඒ දෙපළ සුන්දරයි 
හැම දෙන ගෙ සිත් නිවයි 
ආදරේ ඒ වගේ සුන්දරයි 
ආදරේ සුන්දරයි.. 

ඒ සඳ මා වී 
අහස ඔබ වුණා නම්.. 
ඒ වෙරළ මා වී 
සයුර ඔබ වුණා නම්.. 

ඒ සඳ මා නොවුණට.. 
ඒ වෙරළ මා නොවුණට.. 
අහසකටත් වඩා.. 
සයුරකටත් වඩා.. 
මo ඔබට ආදරෙයි..  
ආදරේ මේ වගෙයි.. 

Friday, October 7, 2011

නුඹ එන්න රත්තරන් ...


හාද වුණු එක හිතක උණුහුමට දැවටෙමින් 
නෑර ඇසිපිය හිඳිමි සිහිනයේ සැනසෙමින් 
පාළු සිත තනි මැකුව නුඹෙ සුවඳ සිහිකරන් 
තාම මං එතනමයි නුඹ එන්න රත්තරන් .. 


පාට කුඩයක් යටින් තුරුළු වී අත් බැඳන් 
පාළු වෙරළක් දිගේ මහ වැස්සෙ සීතලෙන් 
ආදරෙන් මුමුණමින් පිය නැඟූහැටි හොරෙන්  
තාම මගෙ මතකයෙන් මිදී නැත රත්තරන් .. 


කාසි කොළ මිල මුදල් යාන වාහන කිසිත් 
මාල මුදු සේද සළු මට එපා ඉස්තරම් 
මාව නුඹගෙන් උදුර ගත්තු කොළ විසිකරන් 
රෑක හරි ඇවිත් මා ගෙන යන්න රත්තරන් .. 

Monday, July 18, 2011

අහිමි කම...

අහිමි බව දැන දැනම
හිමි නොවන කිසි දිනෙක
අහිමි නුඹට පෙම් බැඳී
සිත විඳවනවා දැන්...

නෙතු අගට කඳුළු දුන්
සිත පෙළන ඒ මතකය
ඉවසාගෙන සිටින්නම් 
පපුවට තුරුළු කරන්...

සිතට හැඟුමන් දී
හද පෙමින් පුරවා ලූ
මගෙ දිවියට පුරහඳ වී
ඔබ එනවා නම්...