Friday, October 7, 2011

නුඹ එන්න රත්තරන් ...


හාද වුණු එක හිතක උණුහුමට දැවටෙමින් 
නෑර ඇසිපිය හිඳිමි සිහිනයේ සැනසෙමින් 
පාළු සිත තනි මැකුව නුඹෙ සුවඳ සිහිකරන් 
තාම මං එතනමයි නුඹ එන්න රත්තරන් .. 


පාට කුඩයක් යටින් තුරුළු වී අත් බැඳන් 
පාළු වෙරළක් දිගේ මහ වැස්සෙ සීතලෙන් 
ආදරෙන් මුමුණමින් පිය නැඟූහැටි හොරෙන්  
තාම මගෙ මතකයෙන් මිදී නැත රත්තරන් .. 


කාසි කොළ මිල මුදල් යාන වාහන කිසිත් 
මාල මුදු සේද සළු මට එපා ඉස්තරම් 
මාව නුඹගෙන් උදුර ගත්තු කොළ විසිකරන් 
රෑක හරි ඇවිත් මා ගෙන යන්න රත්තරන් .. 

No comments:

Post a Comment