Monday, July 18, 2011

අහිමි කම...

අහිමි බව දැන දැනම
හිමි නොවන කිසි දිනෙක
අහිමි නුඹට පෙම් බැඳී
සිත විඳවනවා දැන්...

නෙතු අගට කඳුළු දුන්
සිත පෙළන ඒ මතකය
ඉවසාගෙන සිටින්නම් 
පපුවට තුරුළු කරන්...

සිතට හැඟුමන් දී
හද පෙමින් පුරවා ලූ
මගෙ දිවියට පුරහඳ වී
ඔබ එනවා නම්...

ඉඩ දෙන්න..

හඩන්නට ඉඩ දෙන්න මට
අතීතයෙ අදුරු සෙවනෑලි
කදුලින් සේදී යන්නට
ඔබේ පපුතුරේ මුව හොවා...

ඈදෙන්නට ඉඩ දෙන්න මට
සෙවනෑල්ල සේ
ඔබ යනෙන හෑම තෑන
ඔබේ සුරතේ වෙලී...

හිදින්නට ඉඩ දෙන්න මට
අන් කිසිවෙක් නොසොයනා තෑනක
මා පමනක්
ඔබේ සිත් මඩල තුල...

රෑදෙන්නට ඉඩ දෙන්න මට
මුතු කදුලක
වෙස් ගෙන හෝ
ඔබේ ඈසිපිය යට...

මියෙන්නට ඉඩ දෙන්න මට 
ඔබ නෑති ලොවකට
හිරු පායන්නට පෙර
ඔබෙ සුසුම් මත...